
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා. ඒ අනුව මෙවර ඡන්ද පත්‍රිකා එක්කෝටි 70,000 ක් පමණ මුද්‍රණය කිරීමට අපේක්ෂා කරන බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
පළාත් පාලන ආයතන 339 කට අදාළව මෙවර ඡන්ද විමසීම එළැඹෙන මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිතව ඇති අතර, ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ සහ කල්මුණේ නගර සභාව සඳහා මෙවර ඡන්ද විමසීම සිදු කෙරෙන්නේ නැහැ.
එමෙන්ම, රජයේ මුද්‍රණාලයද සඳහන් කළේ පළාත් පාලන ආයතන 339 ට අදාළව ඒ ඒ පළාත් පාලන ආයතන සඳහා තරඟ කරන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නාමලේඛණ සියල්ල මේ වනවිට ලැබී ඇති බවයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සළකුණු කිරීම එළැඹෙන 22, 23 සහ 24 යන දිනයන් හිදී සිදුකිරීමට නියමිතයි.