
බලපත‍්‍ර නොමැතිව ළඟ තබාගෙන ඇති ගිණි අවි භාර දීමට ලබන මාර්තු 15 වනදා දක්වා කාලසීමාවක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ආරක්ෂක සඳහන් කළේ, මේ මස 6 වන දා සිට ලබන මස 15 වනදා දක්වා කාලය තුළ ගිනි අවි භාරදිය හැකි බවයි.
ඒ අනුව ළඟම ඇති පොලිස් ස්ථානයට මෙලෙස එම කාලසීමාව තුළ දී බලපත‍්‍ර නොමැතිව ළඟ තබාගෙන සිටින ගිනි අවි භාර දිය යුතු බවයි ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. ඊට අදාළ ගැසට් නිවේදනයද මේ වනවිට නිකුත් කර තිබෙනවා.