/
/
title icon සන්නස Digi සිතුවම් – 2022
සන්නස Digi සිතුවම් – 2022
Editor
1 year ago
Share:
සන්නස Digi සිතුවම් – 2022

හෙට ලොව කළඑළි කිරීමට සිටින දුවා දරුවන් වෙනුවෙන්ම සන්නස මාධ්‍ය ජාලය හා කැළණිය විශ්වවිද්‍යාලයේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ ව්‍යාපෘති කණ්ඩායම විසින් “සන්නස Digi සිතුවම් ” චිත්‍ර තරඟාවලිය 2022 ඔක්තොම්බර් 25 දින ආරම්භ විය.

විශේෂයෙන් මෙම තරඟාවලිය සංවිධානය කරනු ලැබූවේ 1- 5 ශ්‍රේණි දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ කලා කුසලතා ලෝකයටම පෙන්වීමට තෝතැන්නක් සෑදීම අරමුණ ඇතිවය. කුඩා දරුවන් වෙනුවෙන් මෙවැනි චිත්‍ර තරඟාවලියක් මාර්ගගතව සිදුවන අවස්ථා අල්ප වුවත් සන්නස අප එය ක්‍රමානුකූල සැලසුමකට අනුව පූර්ව දැනුවත් කිරීමකින් ආරම්භ කිරීමට කටයුතු කළෙමු.

” පුංචි අපේ හෙට වෙනුවෙන් ” තේමාව ඔස්සේ චිත්‍ර තරඟාවලිය ක්‍රියාත්මක විය. එනම් රටේ අනාගත පරපුර ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් දරණ ආකල්පයන් හා මතවාදයන් මොනවාද යන්න මනාවට අවබෝධ කර එය ලෝකයටම පෙන්වීමට අප ගත් මේ උත්සාහයක් ලෙස මෙය නම් කළ හැකිය.

තරඟය සංවිධානය වූයේ ජනප්‍රියතම අංශය හා දක්ෂතම අංශය යන දෙයංශයෙනි. ඒ අතර විවිධාකාර සිතුව්ම් පොඩිත්තන් විසින් සිත්තමට නඟා තිබුණි. ඒ අතර ඔවුන් සිතන ඔවුන්ගේ හෙට දවස පිළිබඳ ඉතා ධනාත්මක විචිත්‍රවත් සිතුවම් තිබුණු. ඇතැම් සිත්තම් තරඟ තේමාවට අදාළ නොවුන්නත් ඒවාද අප භාරගනු ලැබූවේ පොඩිත්තන්ගේ කුසලතා ඇගයීම අපගේ යුතුකම මෙන්ම වගකීමක් ලෙසිනි.

ච්ත්‍ර තරඟාවලියට නොවැම්බර් 15 දින සිත්තම් භාර ගැනීම සිදු විය. අනතුරුව නොවැම්බර් 15 සිට නොවැම්බර් 30 දක්වා කාලය තුළ ලයික් ලබා ගැනීම උදෙස කාලය වෙන් විය. ඒ අතර තුර සන්නස Digi සිතුවම් තරඟාවලිය පිළිබඳ බොහෝ ප්‍රතිචාරයන් අපගේ ෆේස්බුක් පිටුවට ක්මෙන්ට්ස් හා පණිවිඩයන් ලෙස ලැබී තිබුණි. ඒ පිළිබඳ අප ජනතාවගෙන් ලබා ගත් වත්කමක් ලෙස නිහතමානී ආඩම්බරයක් තිබේ.

සිත්තම් තරඟාවලියෙන් ජයග්‍රණය කළ ජයග්‍රාහකයන් හට අපගෙන් උණුසුම් සුබ පැතුම්.

ජනප්‍රියතම අංශයේ ජයග්‍රාහකයන්

01.අනුති තිසංසා
02.විතුම් විහංසර
08.තුනුති අකේන්‍යා

ලෙසින් ජයග්‍රහණය හිමි විය.

දක්ෂතම අංශයේ ජයග්‍රාහකයන් ලෙස

01. ෆාතිමා සෙහානා
02. රුමා රක්කීබ්
03. දුල්සේයා හංසලී
04. මයුර සදෙව්
05. ජිතුලි සෙතුම්දි

ලෙසින් ජයග්‍රහණය හිමි විය.

ජයග්‍රහණය කළ දුවා දරුවන් පිළිබඳ සටහනක් තැබිය යුතුමය. එනම් විශාල උරින් උර තරඟයකින් අනතුරුව ජනප්‍රියතම අංශයේ ජයග්‍රාහකයන් තේරී පත් විය.

 

අනුති තිහංසා

අනුතු දියණිය කුරුණෑගල ප්‍රදේශයේ 4 වන ශ්‍රේණියේ දියණියක්. ඇයගේ සිතුවම ජනප්‍රියතම අංශයෙන් පළමු ස්ථානය හිමි කර ගැණුනි. ඇයට අපගේ උණුසුම් සුභ පැතුම් හා ඇය වෙත සහතික පත්‍රය හා ත්‍යාග ලබා දීම සිදු කරන ලදි.

විතුම් විහංසර

විතුම් විහංසර පුතා ඉගෙනුම ලබන්නේ වලස්මුල්ල ප්‍රාථමික විද්‍යාලයේ 2 වන ශ්‍රේණියේය.
ඔහු ච්ත්‍ර තරඟාවලියේ ජනප්‍රියතම අංශයේ දෙවන ස්ථානය හිමි කර ගනු ලැබූවේ තියුණි තරඟයකින් අනතුරුවය. ඔහුටත් සන්නස මාධ්‍ය ජාලයේ අප සුභ පාතුම් එක් කරන අතර සහතික පත් හා ත්‍යාග ලබා දීම සිදු කෙරිණි.

තිනුති අකේන්‍යා

තිනුති අකේන්‍යා විද්‍යාකර බාලිකා විද්‍යාලයේ 1 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණියක්. ඇය ජනප්‍රියතම අංශයේ තුන්වන ස්ථානය දිනා ගන්නා ලදි. ඇයටද සන්නස මාධ්‍ය ජාලයේ අප සුභ පාතුම් එක් කරන අතර සහතික පත් හා ත්‍යාග ලබා දීම සිදු කරන ලදි.

ෆාතිමා සෙහානා

ෆාතිමා දියණිය දක්ෂතම අංශයේ පළමුවැනියා විය. ඇය මාතලේ මුස්ලිම් මහා විද්‍යාලයේ තුන් වන ශ්‍රේණියේ දියණියක්. ඇය සිත්තමට නඟා තිබුණේ ලංකාවේ හෙට දවසයි. එය කාගේත් ආකර්ෂණය දිනා ගත් දක්ෂතම සිත්තම විය. ඇයටත් සුභාසිරි පැතුමන් හා ත්‍යාග සහතිකපත් ලබා දීම සිදුවිය.

රුමා රක්කීබ්

රුමා රක්කීබ් දියණිය මාතලේ මුස්ලිම් මහා විද්‍යාලයේ තුන් වන ශ්‍රේණියේ දියණියක්. දක්ෂතම අංශයේ දෙවන ස්ථානය ඇයට හිමිවිය. ඇයගේත් කලා කුසලතා දියුණු වීමට සුබ පැතුම් සන්නස මාධ්‍ය ජාලයෙන් පිරි නමන අතර ඇයගේ සහතික පත හා ත්‍යාග ලබා දීම සිදු විය.

දුල්සේයා හංසලී

දුල්සේයා දියණිය අනුරාධපුර ස්වර්ණපාලී ජාතික පාසලේ 6 වන ශ්‍රේණියේ දියණියක්. ඇය දක්ෂතම අංශයේ තුන්වන ස්ථානය හිමිකරගත් දියණියයි. ඇයගේ සිත්තමත් කාගේත් කතාබහට ලක් විය. ජාති ආගම් කුල භේද නැති හෙට දවසක් එහි සිත්‍තම් කර තිබුණි. ඇයගේත් කලා කුසලතා දියුණු වීමට සුබ පැතුම් සන්නස මාධ්‍ය ජාලයෙන් පිරි නමන අතර ඇයගේ සහතික පත හා ත්‍යාග ලබා දීම සිදු විය.

මයුර සදෙව්

මයුර සදෙව් පුතා මාතර මොරවක පදිංචි 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක්. ඔහු සිත්තමට නඟා තිබුණේ ජාති ආගම් කුල භේද නැති හෙට දවසක්. ඔහුගේත් මේ කලා කුසලතා වලට සුබ පැතුම් පිරි නමන අතර සහතික හා ත්‍යාග පිරි නැමීම සිදු කරනු ලැබීය.

ජිතුලි සෙතුම්දි

ජිතුලි සෙතුම්දි ශාන්ත පාවුලු බාලිකා මිලගිරිය විද්‍යාලය 2 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණියක්. ඇය දක්ෂතම අංශයේ පස්වන ස්ථානය දිනා ගන්නා ලදි. ඇයගේත් කලා කුසලතා වැඩි දියුණු වන්නට සුබ පැතුම් ගෙනෙන අතර ඇයගේ සහතික පත් හා ත්‍යාග ලබා දීම සිදු විය.

 

මෙම සිත්තම් තරඟාවලිය සඳහා විශේෂ අනුග්‍රාහකත්වය දක්වනු ලැබූවේ ProMate ආයතනයයි. ජයග්‍රාහකයන්ට ත්‍යාග ලබා දීමට ඔවුන් විශේෂ අනුග්‍රාහකත්වයක් දක්වන ලදි. දරුවන්ගේ හෙට දවස පිළිබඳ නිරතුරුවම සිතන ඔවුන්ට අපගේ හදපිරි ප්‍රණාමය පුද කරන්නෙමු.

 

සන්නස Digi  සිතුවම් තවත් අදියරකින් නැවත් පැවැත්වීමට සන්නස මාධ්‍ය ජාලයේ අප කටයුතු කරන්නෙමු.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required