/
/
title icon
ශ්‍රී ලංකාවේ එකලස් කළ මෝටර් රථයක් ජනපති ප‍්‍රධානත්වයෙන් එලි දකී.
ශ්‍රී ලංකාවේ එකලස් කළ මෝටර් රථයක් ජනපති ප‍්‍රධානත්වයෙන් එලි දකී.
Editor
2 years ago
Share:
ශ්‍රී ලංකාවේ එකලස් කළ මෝටර් රථයක් ජනපති ප‍්‍රධානත්වයෙන් එලි දකී.

ථේරවාදී බුදු දහම සුරක්ෂිත කර මතු පරපුරට දායාද කිරීමටත්, එය, ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමටත් උපරිම අනුග‍්‍රහය ලබාදෙන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කළා.

ඒ, බුද්ධශාසන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් පත් කරන ලද සංක්‍ෂිප්ත ත‍්‍රිපිටක ග‍්‍රන්ථ සම්පාදක මණ්ඩලය සම්පාදනය කරන ලද විසි අටවන කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට ජනාධිපති කාර්යාලයේදි එක්වෙමින්.

එය ග‍්‍රන්ථ 7 කින් සමන්විත වූ අභිධර්ම පිටකයේ පළමු ග‍්‍රන්ථයයි. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ අභිධර්ම පිටකය සුරක්ෂිත කිරීම වෙනුවෙන් වෙනම අභිධර්ම මධ්‍යස්ථානයක් පිහිටුවීම පිළිබඳ ත්‍රෛනිකායික මහා සංඝරත්නය සමග මේ වනවිට සාකච්ඡා සිදුකරමින් පවතින බවයි.

මේ අතර, මෙරට අබාන්ස් ඔටෝ සමාගම සහ කොරියාවේ හුන්ඩායි මෝටර්ස් සමාගම් අතර සහයෝගිතාවයෙන් මෙරට තුල ප‍්‍රථම වරට එකලස් කරන ලද හුන්ඩායි ග‍්‍රෑන්ඞ් අයි ටෙන් මෝටර් රථය හදුන්වාදීම ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධාන්තවයෙන් කොළඹදී ඊයේ පැවැත්වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required