
මුදල් නොමැතිවීම නිසා මාස ගණනාවක සිට ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ යානා 3 ක් නඩත්තු කරගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප‍්‍රකාශ කළා.
ඒ, ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනයේ විවාදයට ඊයේ එක්වෙමින්.
අදාළ යානාවල එන්ජින්වල හටගත් දෝෂ අළුත්වැඩියාව සඳහා මෙලෙස ගැටළුකාරී තත්ත්වයක් උද්ගතව ඇති බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ එම යානා ගුවන්ගත කිරීමට නොහැකි වූවත්, කල්බදු ගිවිසුම් අනුව කුලී ගෙවීමට සිදුව ඇති බවයි.