/
/
title icon ලෝක ගුවන්විදුලි දිනය 2023.
ලෝක ගුවන්විදුලි දිනය 2023.
Editor
1 year ago
Share:
ලෝක ගුවන්විදුලි දිනය 2023.

1895 දී ගුගුල් එල්මෝ මාර්කෝනි විසින් රැහැන් රහිත විදුලි සංදේශ ක්‍රමයක් නිර්මාණය කරන ලදී. එය ගුවන්විදුලියයි. එසේ වුවත් ලෝක ගුවන්විදුලි දිනය ප්‍රථම වරට 2010 සැප්තැම්බර් මාසයේ ස්පාඤ්ඤය විසින් ‍යුනෙස්කෝ සංවිධානයට යෝජනා කළ අතර 2011 නොවැම්බර් මාසයේ දී යුනෙස්කෝ සාමාජික රටවල් විසින් ඒකමතිකව පිළිගැනීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ගුවන්විදුලිය සේවාවක් 1946 පෙබරවාරි 13 දින ආරම්භ කරලීම හේතූ සාධක කරගනිමින් පෙබරවාරි 13 වන දින ලෝක ගුවන්විදුලිය දිනය ලෙසට තෝරා පත් කරගන්නා ලදී. 2012 වර්ෂයේ දී පළමු ලෝක ගුවන්විදුලි දිනය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් සමරන ලදී.

ගුවන්විදුලියේ වැදගත්කම පිළිබඳ හා කාලානුරූපීව එය සුරැකීම පිළිබඳ දැනුම්වත් කරලීමත් ලොව පුරා තොරතුරු බෙදාහැරීම , සන්නිවේදනය වැඩිදියුණු කිරීම උදෙසා ගුවන්විදුලිය භාවිතා කිරීමට ජනතාව හා මාධ්‍ය දිරිමත් කිරීම උදෙසා ‘ලෝක ගුවන්විදුලිය දිනය’ යුනෙස්කෝ සංවිධානය විසින් සෑම වසරක ම පෙබරවාරි 13 දින එලෙස සමරනු ලබයි. 2023 වසරේ ‘ගුවන්විදුලිය හා සාමය’ එහි තේමාව බවට පත්ව ඇත.
මේ වසරේ දී යුනෙස්කෝව ගැටුම් වැළැක්වීමේ කුළුණක් ලෙසට ස්වාධීන ගුවන්විදුලිය ඉස්මතු කරලන අතර සාමය වූ කල්හි ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ ආරක්ෂකයා ය. ගුවන්විදුලියට ම ආවේණික එහි විවිධත්වය මත වූ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවතක් උදෙසා ඉඩහසර ලබා දෙන ගුවන්විදුලිය සාමයේ ආයෝජනයක් ය. සමාජයේ විවිධත්වය මත සියලු ස්ථරයන්ට ආමන්ත්‍රණය මෙන්ම එහි නියෝජිතයා වශයෙන් ද ගුවන්විදුලිය මහඟු මෙහෙවරක් ඉටු කරනු ලබයි.එය මහජන විවාදයන්ට තෝතැන්නක් ය.

වර්තමානයේ ගුවන්විදුලිය ඇතුළු මාධ්‍ය ගැටුම් සඳහා මෙන්ම සාමය උදෙසා යම් යම් තර්ජනාත්මක හේතු සාධක නිර්මාණය කිරිමේ යම් ප්‍රවණතාවයක් ඇත. එය දේශීය හා විදේශීය වශයෙන් ද මහජන මතය , තීන්දු තීරණ ගැනීමේ නිදහස් වටපිටාවන්ට බලපෑම් කරනු ලබයි.

නමුත් මෙවර ගුවන්විදුලිය හා සාමය යන තේමාව හරහා ගුවන්විදුලිය  ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් තිරසර සාමය මත ගැටුම් වැළැක්වීමට, සාමය ප්‍රතිස්ථාපනයෙහි ලා උපායමාර්ග සඳහා තීරණාත්මක හා ධනාත්මක සංවාදයක් උදෙසා ගුවන්විදුලියේ අවශ්‍යතාව පෙන්වාලයි.

උෂාරා කළුදුර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required