
මැන්ඩොස් සුළි කුණාටුව හේතුවෙන් උතුර පළාතට බලපෑ අධික සීත කාලගුණයෙන් මියගිය සතුන් වෙනුවෙන් වන්දි ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 30 ක මුදලක් වෙන් කර ඇති අතර, ඊට අදාළ චෙක්පත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් පශු සම්පත් අතිරේක ලේකම්වරයාට භාරදුන් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව මියගිය එක් ගවයෙකු සඳහා රුපියල් 20,000 ක්, ගව පැටවෙකු සඳහා රුපියල් 10,000 ක්, එළුවෙකු සඳහා රුපියල් 5,000 ක් සහ එළු පැටවෙකු සඳහා රුපියල් 3,000 ක මුදලක් වන්දි වශයෙන් ලබාදීමට නියමිතයි.
පසුගිය දෙසැම්බර් මාසයේ පැවති මෙම ශීත දේශගුණයෙන් උතුර සහ නැගෙනහිර පළාත්වල ගවයින් 1,866 ක් සහ එළුවන් 559 ක් ජීවිතක්ෂයට පත්වුණා.