
ශ‍්‍රී ලංකාව වැනි රටවලට සහයදීමේ ක්‍රියාවලියට බාධාවක් වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙස ජී-විස්ස සමුළුවේ ඉන්දීය නියෝජිත අමිතාබ් ඛාන් චීනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ චීනයෙන් ණය ලබාගත් රටවල් ගෙවීමට ඇති ණය කොපමණද යන්න පිළිබඳව චීනය විවෘත ප‍්‍රකාශයක් සිදුකළ යුතු බවයි.
එසේම එම ණය අය කරගැනීමේ ක‍්‍රමවේදය පැහැදිළි කරන ලෙසද සඳහන් කර ඇති ඔහු, එලෙස ලබාදුන් ණයවලින් පාඩුවක් ලැබීමට චීනය සූදානම් විය යුතු බව ද පවසනවා.