
ශ‍්‍රී පාද වන්දනාවේ ගොස් නැවත පැමිණෙමින් තිබූ බස් රථයක් නෝට්න්බ්‍රිජ් – දියගල මාර්ගයේ ප‍්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, අනතුරෙන් පසු අතුරුදන්ව සිටි බස් රථයේ පැමිණි තරුණයෙකුගේ මළ සිරුර අද උදෑසන සොයාගැනීමත් සමඟයි.
බස් රථයේ පැමිණි අයෙකු අතුරුදන්ව ඇති බවට සැළවීමෙන් පසුව අද උදෑසන යුද හමුදා භට පිරිස් සහ පොලිසිය එක්ව බස් රථය පරීක්ෂා කළ අවස්ථාවේදියි ඊට යටවී සිටි මෙම තරුණයාගේ මළසිරුර සොයාගත්තා. මෙලෙස මියගොස් ඇත්තේ හික්කඩුව ප‍්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙක්.
මහරගම ප‍්‍රදේශයේ සිට ශ‍්‍රී පාද වන්දනාවේ පැමිණි බස් රථයක් ඊයේ රාත‍්‍රියේ 9.15 ට පමණ නෝට්න්බ්‍රිජ් – දියගල මාර්ගයේ හුළං වංගුව ප‍්‍රදේශයේදී වෙනත් වාහනයකට ඉඩ ලබාදීමට යාමේදී අඩි 225 ක පමණ ප‍්‍රපාතයකට පෙරළී තිබුණා. සිද්ධියෙන් අවුරුදු 30 ක් සහ 20 ක් වයසැති කාන්තාවන් දෙදෙනෙකු මියගිය අතර, තවත් 25 දෙනෙකු තුවාල ලැබුවා.
තුවාල ලැබූවන්ගෙන් 22 දෙනෙකු නාවලපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර, බරපතල තත්වයේ පසුවන තුන්දෙනෙකු මහනුවර ජාතික රෝහලේ සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.