
විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඉහළ දැමුණු විදුලි ගාස්තුවට එරෙහිව ගත හැකි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් සමග ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.