/
/
title icon මිනිසා හා නව මාධ්‍ය.
මිනිසා හා නව මාධ්‍ය.
Editor
1 year ago
Share:
මිනිසා හා නව මාධ්‍ය.

තොරතුරු අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ නිමක් නැති කර්තව්‍යයක් ඉටුකරලන සන්නිවේදනය හා තොරතුරු තාක්ෂණයේ දියුණුවේ අනුහසින් ලොවට දායාද වු නව මාධ්‍ය විවිධත්වයේ කැඩපතක් බඳුය. නව මාධ්‍ය සතු අන්තර්ක්‍රියාකාරීත්වය, අධිවේගීත්වය, අංකිතකරණය, ග්‍රාහක පරිශීලන හැකියාව යනාදී ඊටම ආවේණික ලක්ෂණ හේතුවෙන් ආර්ථික, සමාජ, දේශපාලන, සංස්කෘතික, අධ්‍යාපනික ආදී ක්ෂේත්‍ර ගණනාවක් පුරා සිය ආධිපත්‍යය පතුරවන්නට සමත්ව ඇත.

විවිධත්වය තුළ සැරිසැරීමට ප්‍රිය කරන මිනිසා නිමක් නැති විවිධත්වයට කිඳා බසිනු වස් නූතනයේ නව මාධ්‍ය වැළඳගෙන ඇත්තේ නව මාධ්‍ය තුළ ඊට ම ආවේණික වූ සංස්කෘතිය හේතුවෙනි. මිනිසා හා මිනිසාගේ ජිවිතය පිළිබඳ වූ තොරතුරුමය හුවමාරු කරගැනීමේ ක්‍රියාවලිය නව මාධ්‍ය සංස්කෘතිය තුළ දක්නට ඇත්තේ ය.

නව මාධ්‍ය උපයුක්ත කරගැනීම හරහා සිදුවන සන්නිවේදන ක්‍රියාවලිය මිනිසා මෙන්ම මිනිසා ප්‍රමුඛ කොටගත් සමාජයට ද ඉතා පුළුල් හා සංකීර්ණව යහපත් හා අයහපත් අන්දමට බලපෑම් එල්ල කළ හැකි අතර නව මාධ්‍යයෙන් ලබා ගත යුත්තේ කුමක්ද, ලබා නොගත යුත්තේ කුමක්ද යන්න එලැඹි සිහියෙන් යුක්තව සබුද්ධිමත්ව මිනිසාගේ ක්‍රියාකාරිත්වය නව මාධ්‍ය විෂයෙහි ලා අතිශය වැදගත් ය.

වර්තමානයේ නව මාධ්‍ය හේතු සාධක කරගනිමින් මිනිසාගේ ඇතැම් ක්‍රියාකලාපයන් තුළ විවිධ අපචාර , වංචා දූෂණ, හිංසනය වැනි නොමනා හැසිරීම් ආශ්‍රයෙන් චෝදනාවට ලක්ව එහි අවසන් ගොදුර බවට මිනිසා විසින් නව මාධ්‍ය පත් කරලනු ලබන්නේ ය. මන්ද ජීවයක් නොමැති නව මාධ්‍ය ජීවයක් ලබන්නේ ද එහි දිශානතිය කොයිබට ද යන්න තීන්දු තීරණ කරන්නේ මිනිසා නිසාවෙනි.

මිනිසා විසින් නව මාධ්‍ය විෂයෙහි ලා පවත්නා වූ නොදැනුවත්කම මෙන්ම ඔහු හෝ ඇය සතු සමාජ, සංස්කෘතික, සදාචාරාත්මක වගකීම් හා වගවීම කොතෙක් දුරට පවතී ද යන්න මත නව මාධ්‍ය සතු නවමු මානයක් නිර්මාණය කරගනිමින් මිනිසාට තම අවශ්‍යතා ඉතා ඵලදායීව මෙන්ම තවකෙකුගේ සුඛ විහරණය උදෙසා උපයුක්ත කරගනිමින් නව මාධ්‍ය විෂයෙහි ලා මානව ගුණ ධර්ම පතුරවමින් සරු දෙයින් සරු ඵල මෙන්ම නිසරු දෙය පසෙකලා නව මාධ්‍ය සතු සාධනීයත්වය මිනිසාට ලඟා කරගත හැකිවන්නේ ය.

උෂාරා කළුදුර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required