
පනාගොඩ යුද හමුදා කඳවුරේ සෙබළෙකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් කියා සිටියේ කඳවුර තුළදී ඔහු මෙලෙස වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ මාතලේ නාවුල සේරුදණ්ඩපොල ප‍්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි හමුදා සෙබළෙක්.
අදාළ සෙබළා කාලතුවක්කු රෙජිමේන්තුවේ 12 වන අනු කණ්ඩයට අයත් භට නිවාසයක් අසළදී මෙලෙස සිය දිවි හානිකරගෙන ඇති බවටයි වාර්තා වන්නේ. වෙඩි ප‍්‍රහාරයෙන් ඔහුගේ හිසට බරපතල තුවාල සිදුව ඇති අතර, පසුව පනාගොඩ යුද හමුදා රෝහලට ඇතුළත් කර තිබුණා.
ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇති අතර, සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.