
ශ‍්‍රී ලංකාවේ ණය නිරාකරණය සම්බන්ධයෙන් පොදු රාමුවක් යටතේ ක්‍රියාත්මක කාලෝචිත සහ ක‍්‍රමවත් ක්‍රියාවලියක් අවශ්‍ය බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජියෝජියේවා පවසනවා.
ඇය මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේදී පැවති ජී – විස්ස රටවල මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහබැංකු අධිපතිවරුන්ගේ රැස්වීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින්.
ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ජී – 20 රටවල් නියෝජිතයින් පොදු එකඟතාවකට පැමිණිමේ කඩිනම් අවශ්‍යතාවය පිළිබඳවද ඇයි එමගින් වැඩිදුරටත් අවධාරණය කර තිබුණා.
කොවිඩි ලෝක වසංගතයට පෙර ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් ආර්ථික ස්ථාවර මට්මටක පැවති බවත් වසංගත තත්ත්වයෙන් පසු සහ රුසියාවේ යුක්රේන ආක‍්‍රමණය හේතුවෙන් එම රටවල ආර්ථිකයන්ට දැඩි බලපෑමක් එල්ල වූ බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජියෝජියේවා සිය නිවේදනයෙන් සඳහන් කර ඇත්තේ.
මෙම තත්ත්වයන් හමුවේ දැඩි ආර්ථික පසුබෑමකට ලක්ව ඇති ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් සදහා පුරෝකථනය කළ හැකි වඩාත් කාලෝචිත සහ ක‍්‍රමවත් ක්‍රියාවලියක් අවශ්‍ය බව ඇය පෙන්වා දෙනවා.
එමෙන්ම, ගෝලීය අර්බුද තත්ත්වය හමුවේ වඩාත් පසුබැමට ලක්ව ඇති රටවල් සඳහා විසදුම් සෙවීමට ජාත්‍යන්තර ප‍්‍රජාවට වගකීමක් පවතින බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකාව ප‍්‍රකාශ කර තිබෙනවා.
මේ අතර, ඉන්දියාවේ බැංග්ලොර්හි පැවති ජී – විස්ස රටවල මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහබැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේදි ශ‍්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයෙන් පෙළෙන රටවලට සහන සැලසීමට තීරණය කර තිබෙනවා. එහිදි ණය අර්බුදයෙන් පීඩා විදින ශ‍්‍රී ලංකාව ඇතුළු අඩු සහ මධ්‍යම අදායම් ලබන රටවල් සඳහා සහන ලබාදීය හැකි ක්ෂෙත‍්‍ර පිළිබදව අවධානය යොමුකර විසදුම් සෙවීමේ හදිසි අවශ්‍යතා හදුනාගෙන ඇති බව සඳහන්.
මේ අතර, ජී – විස්ස රටවල මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහබැංකු අධිපතිවරුන්ගේ රැස්වීමෙන් අනතුරුව පැවති වෙනත් හමුවකදි ලෝක බැංකු අධිපති ඩේවිඩ් මැල්පාස් ණය ලබාදෙන රටවලින් ඉල්ලීමක් කර ඇත්තේ ණය ප‍්‍රතිව්‍යුහගතකරණයන් සදහා ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් සදහා සහාය ලබා දෙන ලෙසයි.
ඒ සදහා අවශ්‍ය කඩිනම් මැදිහත්වීම සිදුකිරීමට ක්‍රියාකරන ලෙසටද ලෝක බැංකු අධිපතිවරයා එහිදී ඉල්ලීමක් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.