/
/
title icon ලොකු ළුෑණු සහ අල තොග මිල තවත් පහළ යයි.
ලොකු ළුෑණු සහ අල තොග මිල තවත් පහළ යයි.
Editor
1 year ago
Share:
ලොකු ළුෑණු සහ අල තොග මිල තවත් පහළ යයි.

පිටකොටුව තොග වෙළඳපොලේ ලොකු ළුෑණු කිලෝවක මිල තවදුරටත් පහත බැස තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය කියා සිටියේ ලොකු ළුෑණු කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 95 ක අගයක පවතින බවයි.

පසුගිය සතියේ ලොකු ළුෑණු කිලෝවක තොග මිල පැවතියේ රුපියල් 130 ක් ලෙසයි.

මේ අතර, ආනයනික අර්තාපල් කිලෝවක මිලද පහත බැස තිබෙනවා. පසුගිය සතිය තුළ රුපියල් 150 කට පමණ අලෙවි වූ අර්තාපල් කිලෝවක මිල මේ වනවිට රුපියල් 130 දක්වා පහත වැටී ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය කියා සිටියේ.

එසේම, සුදු සීනි කිලෝවක තොග මිල තවදුරටත් රුපියල් 220 ක මට්ටමේ පවතිනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required