/
/
title icon හෙද නිලධාරිනියකට හිංසා කළ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්.
හෙද නිලධාරිනියකට හිංසා කළ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්.
Editor
1 year ago
Share:
හෙද නිලධාරිනියකට හිංසා කළ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්.

සේවය අවසන් කර සිය නිවස වෙත යමින් සිටි පුහුණු හෙද නිලධාරිනියක බස් රථයක් තුළදී හිංසනයට ලක් කළ බවට චෝදනා එල්ල වූ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනමකට ලක්කර තිබෙනවා.

කළුතර ප‍්‍රදේශය භාර උසස් පොලිස් නිළධාරීයෙක් සඳහන් කළේ, විමර්ශන අවසන් වන තෙක් ඔහු මෙලෙස වැඩ තහනමකට ලක්කල බවයි.

මෙලෙස වැඩ තහනමට ලක් වුණේ, දොඩංගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ලෙසින් රාජකාරි කළ 54 හැවිරිදි නිලධාරියෙකුයි.

චෝදනා ලැබ සිටින ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබෙනවා.

ඉකුත් 27 වනදා මගී බස් රථයක ගමන් කරමින් සිටියදී මෙම හෙද නිලධාරිනිය මෙලෙස හිංසනයට ලක්ව තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo