රියදුරු හිඟය හේතුවෙන් සති අන්තයේ දී දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කළත් අද දිනයේදී කාර්යාල දුම්රිය නියමිත පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. රියදුරන් නොමැති වීම හමුවේ ඊයේ දුම්රිය ගමන්වාර 24ක් අවලංගු කෙරුණා. එලෙස අවලංගු වූ දුම්රිය ගමන්වාර අතර කොළඹ කොටුවේ සිට මඩකළපුව බලා ධාවනය වන උදයදේවී දුම්රිය ද වනවා.
කෙසේ වෙතත්, මෙම දුම්රිය හෙට දිනයේ සිට හෝ ධාවනය කිරීමට අපේක්ෂා කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්රකාශකයෙකු සඳහන් කළේ.
පසුගිය ජනවාරි පළමුවනදා සිට ක්රියාත්මක වන පරිදි වයස අවුරුදු 60 ඉක්මවූවන් විශ්රාම ගැන්වීමේ තීරණයත් සමග දුම්රිය අවලංගු වීම් රැසක් වාර්තා වුණා. එම තත්වය හමුවේ විශ්රාමික රියදුරන් කොන්ත්රාත් පදනම මත බදවා ගැනීම සඳහා වන ඉල්ලීම රාජ්ය සේවා කොමිෂන් සභාව වෙත ජනවාරි මාසයේදීම යොමු කළත් එම කොමිසම ඊට අනුමැතිය ලබාදී තිබුණේ නැහැ.
කෙසේ වෙතත්, ඊට අදාළව අද දිනයේදී ප්රවාහන අමාත්යවරායාගේ ප්රධානත්වයෙන් සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතයි.