
වසර තුනකට වරක් වැටුප් වර්ධකයක් ලබාදෙන සාමූහික ගිවිසුමෙන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය ඉවත්කරන බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර ඊයේ පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.
එමෙන්ම විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ ගොනු කළා.