large ad banner
/
/
title icon ව්‍යවසායකත්වය උදෙසා නව මාධ්‍ය
ව්‍යවසායකත්වය උදෙසා නව මාධ්‍ය
Editor
8 months ago
Share:
ව්‍යවසායකත්වය  උදෙසා නව මාධ්‍ය

නිෂ්පාදන සාධක ඒකරාශි කර අලුතින් යමක් බිහි කරමින් ආර්ථිකයේ වෙනසක් ඇති කිරීමට සමත්කම් දක්වන ව්‍යවසායකයා නව සොයාගැනීම් තුළින් මිනිස් අවශ්‍යතා හා උවමනාවන් තෘප්තිමත් කිරීම සඳහා නව්‍යතා නිපදවන්නෙකි. ව්‍යාපාරික අවස්ථාවන් හඳුනාගැනීමටත් ඒවා නිර්මාණය කිරිමේ නිර්මාණශීලි උත්සහයක නිරත වන ව්‍යවසායකයා වූ කල්හි විපර්යාසයකරුවෙකි. එනිසා ව්‍යාපාරික අවස්ථාවන් හඳුනාගැනීම උදෙසා විමසිලිමත් වෙමින් ඒ හරහා නව ව්‍යවසායකත්ව අවස්ථාවන් හඳුනාගැනීමත් ඉක්බිති සාර්ථකත්වයේ මාවත සවිමත් කරගැනීමට ද හැකි වන්නේ ය.
විසි වන සියවසේ මුල් භාගයේ ව්‍යවසායකත්වය පිළිබඳ අදහස් දැක්වූ ෂුම් පීටර් (Schum Peter) ට අනුව නවීන ක්‍රම විධි ඇති කිරීමට දායක නොවීම හා තාක්ෂණය ආදිය භාවිතයට උත්සහ නොගැනීම “විනාශය උදාකර ගැනීමක්” ලෙසට සැලකේ. ඒ අනුව විනාශය ළඟා වීමේ ක්‍රියාවලියෙන් මිදීමට නම් සාම්ප්‍රදායික අදහස් කඩා බිඳ ගෙන යමින් නවෝත්පාදන හා නව ක්‍රම විධි ක්‍රියාවට නැංවීම මඟින් අතිවිශිෂ්‍ට ව්‍යවසායකත්ව ක්‍රියාකාරකම් වල නිරත විය යුතු ය. ඒ යටතේ ඊට අනුකූල ව නව මාධ්‍ය ද දැවැන්ත කාර්යභාරයක් ඉටු කරනු ලබන්නේ ය. Facebook, Twitter, YouTube, LinkedIn, Instagram, Apps, Blogs, website ආදී වශයෙන් දැකගත හැකි නව මාධ්‍ය  ව්‍යවසායකයා තුළ සාර්ථකත්වය සනිටුහන් කිරීමට වර්තමානයේ නව මාධ්‍ය සතු මාධ්‍ය අභිසාරීත්වය, අන්තර් ක්‍රියාකාරීත්වය, ක්ෂණික බව, සන්නිවේදනයේ පහසුව ආදී  ඊටම ආවේණික වූ වෙළෙඳ සංස්කෘතියක් නිර්මාණය ට හැකි වන අතර එතුළින් පුළුල් වේදිකාවක් නිර්මාණය කර ගැනීමටත් ව්‍යවසායකත්වය ඵලදායී ව කළමනාකරණය උදෙසා ද හැකි වන්නේ ය.
අවම පිරිවැයක් යටතේ නමුත් සාර්ථකත්වය කරා යන මාර්ගය ආලෝකමත් කර ගැනීමට මනා ගැළපීමකින් මෙන්ම ක්‍රමෝපායිකව නව මාධ්‍ය භාවිතය මත ඉලක්ක ගත පාරිභෝගිකයන් ට සෘජුව ම ආමන්ත්‍රණයට හා ඔවුන්ට අවශ්‍ය ගුණාත්මක සේවාවක්, නිෂ්පාදනයක් ලබා දීමට මෙන්ම ප්‍රතිපෝෂණ මත කළ යුතු වෙනස්කම් පිළිබඳ වටහා ගැනීම ට හා ඒ ආශ්‍රිතව ප්‍රතිරූපය, සන්නාම ප්‍රවර්ධනය මත මහජන සම්බන්ධතාවයක් ගොඩනැංවීම පිණිස  නව මාධ්‍ය පුළුල් වේදිකාවක් සපයනු ලබන්නේ ය.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required