/
/
title icon පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අදින් අවසන්.
පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අදින් අවසන්.
Editor
1 year ago
Share:
පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අදින් අවසන්.

පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අද මැදියම් රැයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එම ආයතනවල නගරාධිපතිවරුන්ට සහ සභාපතිවරුන්ට ලබාදී ඇති නිල වාහන යළි භාරදිය යුතු වනවා.

එමෙන්ම පළාත්පාලන ආයතනවල සභිකයින් සඳහා ගෙවන දීමනාවන්ද මාර්තු 19 වැනිදා දක්වා පමණක් ගෙවීමටද තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළා.

මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද විමසීම ලබන 28 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර ප‍්‍රකාශ කළා. ඒ අනුව, තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් තැපෑලට භාර දීම ලබන 21 වනදා සිදුකිරීමටයි සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත්, දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත‍්‍රිකා සඳහා මුදල් ගෙවීම් සිදු කරන තුරු තැපැල් ඡන්ද පත‍්‍රිකා භාරදිය නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානී ලියනගේ මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබුණා. මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා සඳහන් කළේ තැපැල් ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි පැවැත්වීමට නම් . ඉදිරි දින කිහිපය තුළ අදාළ ඡන්ද පත‍්‍රිකා ලැබිය යුතු බවයි.

පවතින තත්ත්වය හමුවේ තැපැල් ඡන්ද පත‍්‍රිකා හෙට දිනය වනවිට කොමිසමට භාරදිය නොහැකි බවද මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළා.

කෙසේ වෙතත්, මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ අදාළ ඡන්ද පත‍්‍රිකා ලැබුනහොත් තැපැල් ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි පැවැත්විය හැකි බවයි.

එසේම, ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු සදහා රුපියල් මිලියන 500 ක මුදලක් වැයවනු ඇතැයි මුද්‍රණාලය ඇස්තමේන්තු කර තිබෙනවා. ඉන් රුපියල් මිලියන 200 ක් මුල් අවස්ථාවේදීම ඉල්ලා සිටි බවයි මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේ.

අනතුරුව ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ කෙරුණු අතර, ඒ අනුව රුපියල් මිලියන 200 ක පමණ මුද්‍රණ කටයුතු මේ වනවිට සිදුකර අවසන්ව ඇති බවද ඇය ප‍්‍රකාශ කළා. කෙසේ වෙතත්, ඒ වෙනුවෙන් තවමත් මුද්‍රණාලයට ලැබී ඇත්තේ රුපියල් මිලියන 40 ක මුදලක් පමණක් බවයි මුද්‍රණාලයාධිපතිනිය කියා සිටියේ.

එසේම, මුදල් ප‍්‍රතිපාදන ලැබීමෙන් අනතුරුව ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇතුළු ඡුන්ද විමසීමට අදාළ අනෙකුත් මුද්‍රණ කටයුතු සිදුකිරීම සඳහා දින 30 ක පමණ කාලයක් ගතවනු ඇති බවද මුද්‍රණාලයාධිපතිනි ගංඟානි ලියනගේ සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo