/
/
title icon සතුට පිළිබඳ ජාත්‍යන්තර දිනය.
සතුට පිළිබඳ ජාත්‍යන්තර දිනය.
Editor
1 year ago
Share:
සතුට පිළිබඳ ජාත්‍යන්තර දිනය.

අද සතුට පිළිබඳ ජාත්‍යන්තර දිනයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වාර්ෂිකව මාර්තු මස 20 වන දින ගෝලීයව මෙම දිනය සමරනු ලබයි.
එහි ඉතිහාසය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි හවුල්කාරී ‘Action For Happiness ‘ හි සම්බන්ධීකරණය මත මෙම දිනය පිහිටුවා ගත් අතර 2011 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් යෝජනාවකින් සම්මත කිරීමෙන් පසු 2013 වසරේ දී ප්‍රථම වරට සතුට පිළිබඳ ජාත්‍යන්තර දිනය සමරන ලදී. මෙම ක්‍රියාවලිය උදෙසා එක්සත් ජාතීන්ගේ විශේෂ උපදේශක ජේම් ඉලියන්ස්ගේ සහය ද හිමි විය.
ආර්ථික අවස්ථාවන්ට වඩා සතුටට ප්‍රමුඛත්වය ලබාදීම මූලික මිනිස් ඉලක්කයක් බවට පත් කිරීම මෙන්ම සතුටින් සිටීම මානව අයිතිවාසිකමක් බවට අති ප්‍රවේගකාරී ධාවනයක නියුතු ලෝකයාට මතක් කර දීම මෙන්ම එය පුද්ගල යහපැවැත්ම සඳහා සතුට සතු වැදගත්කම මතක් කරවන දිනයක් මෙන්ම ඒ සඳහා අවධානය යොමු කළ යුතු දිනයක් ය.
මිනිසා සමාජ සත්ත්වයෙකි. ඔහුට දුක , කෝපය , බිය වැනි විවිධාකාර හැඟීම් වලට මුහුණ දීමට සිදු වන අතර සතුට යනු මිනිසා ට අත්‍යාවශ්‍ය දෙයකි. විවිධ හේතු සාධක මත ඇති වන ආතතිය සමනය කිරීමට ඇති හොඳම ක්‍රමය සතුටින් සිටීම මෙන්ම වඩාත් හොඳම දේ නම් ඒ සියල්ල සතුටින් සිටීම නොමිලේ ම ලබා ගත හැකි වීමය.ඉන් මානව යහපැවැත්ම ළඟා කර ගත හැකි ය. සතුට යනු පුද්ගලානුබද්ධ තත්ත්වයකි.
ඔබට සතුටට පත් කරන දෙයක් අනෙක් අතට තව කෙනෙකුට අසතුටක්, බාධාවක් , හිරිහැරයක් නොවීම මත ඔබට ඔබේ සතුට ධනාත්මකව විඳ ගනිමින් තව කෙනෙකුගේ සතුටක් සඳහා දීප්තිමත් තාරකාවක් විය හැකිය.
වර්තමානයේ බහුතරයක් දෙනා මානසික අවපීඩනයන්ට ගොදුරුව තම ජිවිතවල හඳුනා නොගත් සතුටක් නොමැතිව ගෝලීයකරණය වූ සමාජයක සාර්ථක වීමට ඇති පීඩනය අධික වීමත්, යහපැවැත්ම සම්බන්ධයෙන් සැලකිල්ලක් නොදැක්වීම පීඩාවට ලක්ව ඇත්තේ ය.
සතුටින් සිටීම යනු මානව යහපැවැත්ම දියුණු කරලමින් සමාජ සම්බන්ධතා ශක්තිමත් කරමින් හා සෞඛ්‍යය ගැටලු අවම කරවන්නක් වන අතර ජීවත් වීම පිළිබඳ ධනාත්මක දෘෂ්ටිකෝණයකින් යහපත් තත්ත්වයක් ප්‍රවර්ධන කිරීමට හැකි වේ.
සතුට සාක්ෂාත් කරගනු ලබන්නේ සතුට පිළිබඳ දැනුවත් ව ලුහුබැඳීමකින් නොවේ.එය ඔබ විසින් කරන ක්‍රියාකාරකම් වල අතුරු ඵලයක් ය.
චිත්තවේගී යහපැවැත්ම ,ධනාත්මක හෝ ප්‍රසන්න හැඟීම් මත සතුට පතුරවාලන්නට හැකියාව ලැබේ.
ජාත්‍යන්තර සතුට දිනය සංකල්පය භූතානයේ ආරම්භ වූ සතුට මැනීමේ දළ ජාතික සතුට (GNH) සංකල්පය මත පදනම් වේ. ඒක පුද්ගල ආදායම, දළ දේශීය නිෂ්පාදිතය, සෞඛ්‍යය, සමාජ සහයෝගීතාව, අන්‍යෝන්‍ය විශ්වාසය, ජීවිතයට අදාළ තීරණ ගැනීමේ නිදහස, ත්‍යාගශීලී බව වැනි දර්ශක මත වාර්තාව සකස් කර ඇත.
සතුට පිළිබඳ ජාත්‍යන්තර දිනයේ මෙවර තේමාව “සිහියෙන් සිටින්න. ස්තූතිවන්ත වන්න. කාරුණික වන්න” යන්නයි.
ඔබ සිහියෙන් සිටින්නේ නම් සාධනීය තත්ත්වයන් වර්ධනය කරගත හැකි අතර නිෂේධනීය තත්ත්වයන් අවම කර ගත හැකි ය. ඉන් කනගාටු වීමට හෝ පසුතැවීම් අවම වී සතුටින් සිටීම හැකි වන්නේ ය. ඔබ ඔබටම ස්තූතිවන්ත වන්න. අන් අය කෙරෙහි ද ස්තූතිවන්ත වන්න. ඉන් ඔබ ඇතුළු අනෙක් අයට ද සතුට ළඟා කර ගැනීමට මාවතක් නිර්මාණය කර ගැනීමක් ය. ඔබ ඔබටම කරුණාවන්ත වන්න. අන් අයට ද කරුණාවන්ත වන්න. ඉන් එකිනෙකා අතර පුළුල් හා ශක්තිමත් සබඳතා ඇති කර ගැනීමටත් ගැටුම් අවම කර ධනාත්මක තත්ත්වයක් මත සතුටින් සිටීමට හැකි වන්නේ ය.
ලොව පුරා මිනිසුන්ගේ ජීවිත වල සතුටේ වැදගත්කම හඳුනා ගැනීමෙන් ආරම්භ වූ මෙම දිනය වයස, තරාතිරම හෝ වාර්ගිකත්වය කුමක් වුවත් සෑම කෙනෙකුට ම තම ජීවිතයේ සතුටින් සිටිය හැකි අතරම එය මානවයා සතු මානව අයිතිවාසිකමක් ය.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required