large ad banner
/
/
title icon ප‍්‍රදේශවලට රැසකට වැසි – පූනාගල වතු නිවාස පෙළක නායයෑමක් – 07 ක් රෝහලේ.
ප‍්‍රදේශවලට රැසකට වැසි – පූනාගල වතු නිවාස පෙළක නායයෑමක් – 07 ක් රෝහලේ.
Editor
8 months ago
Share:
ප‍්‍රදේශවලට රැසකට වැසි – පූනාගල වතු නිවාස පෙළක නායයෑමක් – 07 ක් රෝහලේ.

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත‍්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලටත් මිලිමීටර 50 කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම, කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප‍්‍රදේශවල තද වැසිත් සමඟ සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 80 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ හේතුවෙන් ධීවර සහ නාවික ප‍්‍රජාව ඒ සම්බන්ධයෙන් ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දෙනවා.

මේ අතර, බණ්ඩාරවෙල – පූනාගල – හබරගල වත්තේ වතු නිවාස පෙළක් ඊයේ නායයෑමට ලක්වීමෙන් එහි ජීවත්වූ හත්දෙනෙකු තුවාල ලබා සිටියදී රෝහල් ගත කර තිබෙනවා. ප‍්‍රදේශයට රාත‍්‍රියේ ඇද හැලූනු අධික වර්ෂාවත් සමඟ නායයෑම සිදුව ඇති බවත්, තුවාලකරුවන්ගෙන් හතරදෙනෙකු දියතලාව මූලික රෝහලට සහ තවත් තුන්දෙනෙකු කොස්ලන්ද රෝහලටත් ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

නායයෑම සිදුවීමෙන් පසු පවුල් 60 ක පුද්ගලයින් 200 දෙනෙකු පමණ පූනාගල පාසලේ කඳවුරක නවතා තිබෙනවා. නායයෑමට ලක්වූ ප‍්‍රදේශයට පවතින අධික වර්ෂාව සහ මීදුම නිසා සහන කණ්ඩායම්වලට එම ස්ථානයට ළඟාවීමට නොහැකි වී ඇති බව සඳහන්.

එමෙන්ම, බදුල්ල – හල්දමුල්ල සහ මාතලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබෙනවා.

මේ අතර, ගල් සහ පස් කඳු කඩාවැටීමේ අවදානමක් හේතුවෙන් මහනුවර – මහියංගණ ප‍්‍රධාන මාර්ගයේ 18 වංගුව තවදුරටත් වසා තැබෙන බව පොලිසිය සඳහන් කළා. එම මාර්ගයේ දෙවන වංගුව ආසන්නයේ ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට වසා දැමීමටයි පියවර ගැනුනේ.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required