
ඉන්දියාවෙන් ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය රැගත් නෞකාව කොළඹ වරායට ලඟාවී තිබෙනවා. වෙළඳ අමාත්‍යංශය සඳහන් කළේ බිත්තර ලක්ෂ 10 ක් මෙලෙස ආනයනය කර ඇති බවයි.
ඒවා සෞඛ්‍ය අමාත්‍යංශය සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිදුකරනු ලබන පරීක්ෂණවලින් අනතුරුව වෙළඳපලට නිකුත් කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලීන් ප‍්‍රනාන්දු අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහණ බන්ඩාර යොමුකළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ දියර බිත්තර ආනයනයේදී අයකළ බද්ද ද පහළ දැමීමට කටයුතු කළ බවයි.