/
/
title icon මාලිමාවට ගැසූ කඳුළු ගෑස් ගැන පොලීසිය අධිකරණයට කරුණු කියයි.
මාලිමාවට ගැසූ කඳුළු ගෑස් ගැන පොලීසිය අධිකරණයට කරුණු කියයි.
Editor
1 year ago
Share:
මාලිමාවට ගැසූ කඳුළු ගෑස් ගැන පොලීසිය අධිකරණයට කරුණු කියයි.

 

ජාතික ජනබලවේගය විසින් පසුගිය මස 26 වනදා කොළඹ පැවැත්වූ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා එල්ල කරන ලද කදුළු ගෑස් කල් ඉකුත්වී නොමැති බව පොලිස් මහජන ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා අද අධිකරණයට දැනුම් දුන්නා.

ඔහු මෙම දැනුම් දීම සිදුකරනු ලැබුවේ කොළඹ- කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ විසින් නිකුත් කළ නියෝගයකට අනුවයි.

මෙම ජල හා කදුළු ගෑස් ප‍්‍රහාරයෙන් පසු ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ජාතික ජනබලවේගයේ නිවිතිගල ප‍්‍රාදේශීය සභාවේ අපේක්ෂක නිමල් අමරසිරි ජීවිතක්ෂයට පත්වුණා.

එහිදී චෝදනා එල්ල වූයේ පොලිසිය එල්ල කළ කදුළු ගෑස් ප‍්‍රහාර හේතුවෙන් ඔහු මියගිය බවටයි.

ඒ අනුවයි මෙම කදුළු ගෑස් ප‍්‍රහාර සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත‍්‍රාත්වරයා පොලිස් මහජන ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට පසුගිය 13 වනදා නියෝග කරනු ලැබුවේ.

ඒ අනුව ඔහු අද වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ එදින වායු බෝම්බ 26 ක් සහ කදුළු උණ්ඩ 85 ක් නිකුත් කර ඇති බවයි.

එම වායු බෝම්බ 2019 වසරේ ජුලි මස කොරියාවේ නිෂ්පාදනය කර ඇති බවත් කදුළු උණ්ඩ 2020 වසරේ අගෝස්තු මස නිෂ්පාදනය කර ඇති බවත් පොලිස් මහජන ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

ඒවා කල් ඉකුත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේදී බවයි ඔහු ඉදිරිපත් කළ වාර්තාවේ දක්වා ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo