large ad banner
/
/
title icon කබ්රාල්ට එරෙහි පැමිණිල්ලක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි.
කබ්රාල්ට එරෙහි පැමිණිල්ලක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි.
Editor
10 months ago
Share:
කබ්රාල්ට එරෙහි පැමිණිල්ලක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් ප‍්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද තීන්දු කළා.

 

අජිත් නිවාඩ් කබ්රාල්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුනවල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

 

තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මහේස්ත‍්‍රාත්වරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ප‍්‍රමාණවත් කරුණු පැමිණිලිකරු විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි.

 

ඒ අනුව අදාළ පැමිණිල්ල නිෂ්ප‍්‍රභා කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා. දකුණු පළාතේ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් මෙම පුද්ගලික පැමිණිල්ල ගොනු කර තිබුණා.

 

2006 වසරේ සිට 2015 වසර දක්වා කාල සීමාව තුළ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන  500ක් ගෙවීම, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය ඉහළ නැංවීමට බව පවසමින් ඇමරිකානු ඔත්තුකරුවකු වූ ඉමාඩ් සුබේරි නැමැත්තාට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව මුදල් ගෙවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් කබ්රාල්ට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ගොනු කර තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required