large ad banner
/
/
title icon LTTE ආධාරකරුවෙකු ඉන්දියාවේදී අල්ලයි.
LTTE ආධාරකරුවෙකු ඉන්දියාවේදී අල්ලයි.
Editor
7 months ago
Share:
LTTE ආධාරකරුවෙකු ඉන්දියාවේදී අල්ලයි.

ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් ⁣කේරලයේ කොචි හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ආධාරකරුවෙකු  වන ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොචිහි බර්මා බසාර් හි වෙළෙඳසැලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ.

ඔහු සතුව තිබී උපයාගත් අයුරු  අපහැදිලි ඉන්දීය රුපියල් ලක්ෂ 82 ක්, රත්රන් ග්‍රෑම් 300 ක්, සිංගප්පූරු ඩොලර් 1000ක් සහ ගංජා කිලෝග්‍රෑම් 10ක් ද සොයා ගෙන තිබෙනවා.

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගීමට තැත්කිරීමේ වෑයමක් පිළිබද ලද තොරතුරු මත ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය මගින් පසුගිය බ‍්‍රහස්පතින්දා කොචිහි ස්ථාන අටක් විශේෂ සෝදිසියකට ලක් කර ඇති බව සදහන්.

මෙි වනවිට සැකකාර ව්‍යපාරිකයා ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය මගින් රදවා තබාගෙන ප‍්‍රශ්න කරමින් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ද ජාතික විමර්ශන ඒජන්සිය මගින් ට්‍රිචි හි ශ‍්‍රී ලාංකික සරණාගත කදවුරකින් එල්ටීටීඊ සබදතා ඇති බවට සැකකරන පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් අතර පසුව හෙළිවුණේ ඔවුන් පකිස්තානයෙන් පිටත ක‍්‍රියාත්මක හජී සලීම් නම් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ජාලයට ද සම්බන්ධ බවයි.

කේරලයේ විෂින්ජම් වරායේ දී 2021 මාර්තු මාසයේ ඉන්දීය ආරක්ෂක අංශ මගින් හොරොයින් කිලෝග‍්‍රෑම් 300ක්, ඒකේ 47 ස්වයංක‍්‍රීය රයිෆල් 5 ක් සහ මිලිමීටර් 9 උණ්ඩ 1000ක් සමග අත්අඩංගුවට ගත් බෝට්ටුව ද හජි සලීම්ගෙ ජාලයට සම්බන්ධ වූවක්.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required