කිව්. ආර්. කේතයෙන් බැහැරව ඉන්ධන නිකුත් කිරීම හේතුවෙන් ඉන්ධන අලෙවිකිරීම අත්හිටවූ පිරවුම්හල් 40 විසින් එම තහනම ඉවත්කරන ලෙස ඉල්ලා ඇති බව විදුලිබල හා බලශක්ති අමත්‍යංශය ප‍්‍රකාශ කළා.
කෙසේ වෙතත් තවමත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය, අලෙවිය අත්හිටුවීමේ නියෝගය ඉවත්කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බව සඳහන්.
එහෙත් සිංහල හා හින්දු අලූත් අවුරුද්දට පෙර එම පිරවුම්හල් 40 සඳහා ඉන්ධන අලෙවියට යළි අවස්ථාව ලබාදීම පිළිබඳ සළකා බලමින් සිටින බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.
කිව්.ආර්. කේතයෙන් බැහැරව දිගින් දිගටම ඉන්ධන අලෙවිකිරීම හේතුවෙන් පසුගිය 06 වනදා සිට මෙම පිරවුම්හල්වල ඉන්ධන අලෙවිය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.