/
/
title icon කිරිපිටි මුලින් අඩු වෙන්නේ බස්නාහිරටයි
කිරිපිටි මුලින් අඩු වෙන්නේ බස්නාහිරටයි
Editor
1 year ago
Share:
කිරිපිටි මුලින් අඩු වෙන්නේ බස්නාහිරටයි

මිල අඩු වූ කිරිපිටි පළමුව බෙදා හරින්නේ බස්නාහිර පළාතට බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඉන් අනතුරුව සෙසු පළාත්වලට බෙදා හැරීම ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

රුපියල් 200 කින් අඩු කළ මිල ගණන් ඇතුළත් ලේබල් කිරිපිටි පැකට්ටුවෙහි අද සටහන් කරන බව එම සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය ප‍්‍රකාශ කළා.

වෙළඳ අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ හෙට සිට ආනයනික කිරිපිටි කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 200 කින් අඩු කරන බවයි.

කෙසේ වෙතත්, ඇණවුම් කළ කිරිපිටි නෞකාවක ප‍්‍රමාදයක් හේතුවෙන් නව මිල ගණන් යටතේ පාරිභෝගිකයින්ට කිරිපිටි නිකුත් කිරීම කල් යනු ඇති බව කිරිපිටි ආනයන සංගමය ද පසුගියදා සඳහන් කළා.

මේ අතර, ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට සාපේක්ෂව දේශීය කිරිපිටි නිෂ්පාදකයින් මිල සංශෝධනයක් සිදුකරන්නේද යන්න සම්බන්ධයෙන් මිල්කෝ සමාගමෙන් අප කළ විමසීමක් කළා.

ඔවුන් සඳහන් කළේ ආනයනික කිරිපිටි මිලට සාපේක්ෂව තවදුරටත් සිය නිෂ්පාදන වල මිල ගණන් පවතින්නේ පහළ මට්ටමක බවයි.

දේශීය කිරිපිටි ග‍්‍රෑම් 400 පැකට්ටුවක් වෙළඳපොලේ රුපියල් 950 ක මිලකට අලෙවි කෙරෙන අතර ආනයනික කිරිපිටි ග‍්‍රෑම් 400 ක මිල පවතින්නේ රුපියල් 1160 ක් ලෙසයි.

එහි කිලෝග‍්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 2895 කට අලෙවි වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required