/
/
title icon දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණයට මැදිහත් නොවන බව IMF කියයි
දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණයට මැදිහත් නොවන බව IMF කියයි
Editor
1 year ago
Share:
දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණයට මැදිහත් නොවන බව IMF කියයි

වාණිජ ණය හිමියන් සහ ශ‍්‍රී ලංකාව අතර වන ණය ප‍්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් නොවන බව එම අරමුදලේ ආසියානු පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක‍්‍රිෂ්ණා සිරිනිවාසන් ප‍්‍රකාශ කළා.

දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසේ සහභාගිත්වයෙන් අද පස්වරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගතකිරීමේ සාකච්ඡා සැප්තැම්බර් හෝ ඔක්තෝබර් වන විට මූල්‍ය අරමුදලේ විස්තීර්ණ පහසුකම් වැඩසටහනේ පළමු සමාලෝචනයෙන් අවසන් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක‍්‍රිෂ්ණා සිරිනිවාසන් කියා සිටියා.

එහිදී මාධ්‍යවේදියෙකු ශ‍්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ පොලි අනුපාතය සහ අනෙකුත් රටවල පිරිනමා ඇති පොලී අනුපාතයමද යන්න ප‍්‍රශ්න කළා.

ඊට පිළිතුරු ලබාදෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප‍්‍රධානී පීටර් බෲවර් කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ ණය පහසුකමෙහි පොලී අනුපාතය 2037 වසර තෙක් ඇස්තමේන්තු ගතකර ඇත්තේ සියයට 05 ක් ලෙස බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required