/
/
title icon Admission තියාගන්න එපා – විදුහල්පතිවරුන්ට දැනුම්දීමක්
Admission තියාගන්න එපා – විදුහල්පතිවරුන්ට දැනුම්දීමක්
Editor
1 year ago
Share:
Admission තියාගන්න එපා – විදුහල්පතිවරුන්ට දැනුම්දීමක්

කිසිදු හේතුවක් මත සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රවේශ පත‍්‍ර විභාග අපේක්ෂකයන්ට ලබානොදී රඳවාගැනීම සිදුනොකළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා.

යම් අපේක්ෂකයෙකුට ප‍්‍රවේශපත‍්‍ර නොලැබීමෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම විදුහල්පතිවරයා විසින් භාරගත යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ. සාමාන්‍ය පෙළ විභාගය මේ මස 29 වනදා සිට ජුනි මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මේ අතර මෙම වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් අවසන් කෙරෙන අතර පළමු වාරයේ තෙවන අදියර ජුනි මස 12 වනදායින් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo