
යූරියා පොහොර කිලෝග‍්‍රෑම් 50 මිටියක මිල හෙට සිට රුපියල් 9,000 දක්වා අඩු කෙරෙනු ඇති.
ඊට අදාළ අනුමැතිය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කැබිනට් මණ්ඩලයෙන් ලබාගත් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.
දැනට මෙම පොහොර මිටියක් රුපියල් 10,000 ක මිලකට පවතිනවා.
එමෙන්ම දැනට කොළඹ වරායට පැමිණ ඇති යූරිය පොහොර නෞකාවේ පොහොර ගොඩබෑම මේ වනවිට සිදුවන අතර, පෙරේදා රාත‍්‍රියේ පැවති අධික වර්ෂාව ඊට බාධා ඇති කළා.
එහෙත් ඊයේ රාත්‍රියේ සිට යූරියා පොහොර රැගත් ලොරි රථ පොළොන්නරුව ඇතුලූ ප‍්‍රදේශ කිහිපයකට යොමුකළ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.