
ඖෂධවේදීන් දියත් කර ඇති සංකේත වර්ජනය නිසා ජාතික රෝහල ඇතුළු රජයේ රෝහල්වල ඖෂධ බෙදා හැරීමට බාධා එල්ල වී තිබෙනවා.
රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද උදෑසන 8 ට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබාදීමට විරෝධය පළ කරමින්.
කෙසේ වෙතත්, මේ හේතුවෙන් බාහිර සහ සායනික ප‍්‍රතිකාර සදහා ඖෂධ ගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත්වුණා.
මේ අතර, ලබන 26 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඖෂධ වර්ග 60 ක මිල සංශෝධනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබදව පෞද්ගලික ඔසුසැල් හිමිකරුවන්ගේ සංගමය අද මාධ්‍ය වෙත පැහැදිලි කිරීමක් සිදුකලා.
එහි මහලේකම් අනුරුද්ධ රණවක කියා සිටියේ ඖෂධ සමාගම් විසින් ඔසුසැල් වෙත දැනට නිකුත් කර ඇති ඖෂධවල මිල, සංශෝධිත මිලට ආදේශ කිරීම සම්බන්ධයෙන් එම සමාගම් සමග සාකච්ජා කිරීමට අපේක්ෂා කරන බවයි.