
අම්පාර – ඉඟිනියාගල පොල්වත්ත ප‍්‍රදේශයෙන් අතුරුදන් වූ පාසල් සිසුවියන් දෙදෙනා කැලණිය මීගහවත්ත ප‍්‍රදේශයේ නිවසක රැදී සිටියදී අද පස්වරුවේ සොයා ගෙන තිබෙනවා.
මීගහවත්ත පොලීසියට ලද තොරතුරකට අනුව මෙම සිසුවියන් සොයා ගත්තේ අතුරුදන් වී සතියක පමණ කාලයකින් අනතුරුවයි.
එක් සිසුවියක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන තරුණයෙකු සමග ඔවුන් මීගහවත්ත ප‍්‍රදේශයට පැමිණ ඔහුගේ යහළුවෙකුගේ නිවසේ නතර වී තිබෙනවා.
පොල්වත්ත ප‍්‍රදේශයේ පදිංචි මෙම 15 හැවිරිදි පාසල් සිසුවියන් දෙදෙනා පසුගිය 15 වනදා සිට අතුරුදහන් වී ඇති බවට දෙමාපියන් විසින් පොලීසියට පැමිණිලි කර තිබුණා.