/
/
title icon
ටයිටන් සොයන්න ඩොලර් මිලියන 6.5 ක් – පස් දෙනාම මියගොස් ඇති බවත් හෙලිවේ
ටයිටන් සොයන්න ඩොලර් මිලියන 6.5 ක් – පස් දෙනාම මියගොස් ඇති බවත් හෙලිවේ
Editor
1 year ago
Share:
ටයිටන් සොයන්න ඩොලර් මිලියන 6.5 ක් – පස් දෙනාම මියගොස් ඇති බවත් හෙලිවේ

අත්ලාන්තික් සාගරයේ පත්ලේ ඇති ටයිටැනික් නෞකාව නැරඹීමට ගොස් අතුරුදන්වූ ටයිටන් සබ්මැරිනය සොයා සිදුකළ මෙහෙයුම් සඳහා ඩොලර් මිලියන 6.5 ක් වැයවී ඇති බවට අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම, ඕෂන්ගේට් සබ්මැරිනය නිපදවීම සඳහා එක්ව සිට එම සමාගමේ සේවයෙන් පහ කළ පුද්ගලයෙකු සහ බොහෝ පාර්ශව එම සබ්මැරීනය අනාරක්ෂිත බවට ප‍්‍රකාශ කර ඇති බවයි විදෙස් වාර්තා කර තිබුණේ.

අත්ලාන්තික් සාගර පත්ලේ ඇති ටයිටැනික් නෞකාව නැරඹීමට ගොස් අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනය පුපුරා ගොස් ඇති බවට ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය විසින් තහවුරු කළ අතර ඒ අනුව, මෙහෙයුම් ද නතර කර දැමුණා.

සබ්මැරීනයේ සිටි පස්දෙනාම මියයන්නට ඇති බවටයි වෙරළාරක්ෂක නිලධාරින් තහවුරු කරනු ලැබුවේ.

අනතුරෙන් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් ශෝකය ප‍්‍රකාශ කර ඇති අතර, ලොව පුරා බොහෝ පිරිස් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කණස්සල්ල පළ කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required