
නාවලපිටිය – මොන්ට්‍රිස්කෝ වත්ත ප‍්‍රදේශයේ නිවසක සාරියකින් බැඳ තිබූ තොටිල්ලක ගෙළ සිරවීමෙන් 09 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා.
පොලීසිය ප‍්‍රකාශ කළේ ඊයේ දහවල් කාලයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.
එම දරුවාගේ තුන් හැවිරිදි නැගණිය නිදිකරවීම සඳහා ගැට ගසා තිබූ මෙම තොටිල්ලේ එල්ලී සෙල්ලම් කරමින් සිටියදීයි මෙම දරුවා අනතුරට ලක්ව ඇත්තේ.
දරුවාගේ මව ගෘහ සේවය සඳහා විදෙස් ගතව සිටින අතර සිද්ධිය වන අවස්ථාවේ නිවසේ කිසිවෙක් සිට නැහැ.
අසල්වාසියෙකු විසින් දරුවා තොටිල්ලේ ගෙල සිරවී සිටිනු දැක ප‍්‍රදේශවාසීන් සමග එක්ව තොටිල්ලෙන් ඉවත් කර තිබෙනවා.
ඒ වනවිටත් මෙම දරුවා මියගොස් සිටි බව පොලීසිය සඳහන් කළා.