
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් දුම්රිය මාර්ගවල ඇණ ගැලවීමද දුම්රිය පීලිපැණීමට හේතුවක් බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරි වී.එස්.පොල්වත්තගේ පවසනවා.
දුම්රිය පිලීපැනීමක් හේතුවෙන් ඇණ හිට ඇති කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය කිරීම අද පස්වරුව වනවිට යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි ඔහු කියා සිටියේ.
කොළඹ කොටුවේ සිට කොස්ගම දක්වා ධාවනය වූ දුම්රියක් කැළණිවැලි මාර්ගයේ බේස්ලයින් පාර සහ කෝට්ටේ පාර දුම්රිය ස්ථාන අතරදී මෙලෙස පීිලිපැනීමකට ලක්වූයේ ඊයේ පස්වරු කාලයේදීයි.
දුම්රිය පිලිසකර කිරීමේ කටයුතු තවදුරටත් සිදුකෙරෙන අතර, අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ එක් දුම්රියක් අද උදෑසන නාරාහේන්පිට දක්වා ධාවනය කෙරුණා.