
තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාග කළ මුතු රාජා හස්තියා අද රාත‍්‍රියේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් කටුනායක ගුවන්තොටුපොල වෙත රැගෙන යාමට නියමිතයි.
හෙට අළුයම 3 ට මුතු රාජා කටුනායක ගුවන්තොටුපොලින් තායිලන්තයේ බැංකොක් නුවර බලා රැගෙන යාමට නියමිත බවයි වාර්තා වන්නේ.
විසි වසරකට පෙර තායිලන්ත රජයෙන් මෙරටට පරිත්‍යාග කළ මුතු රාජා හස්තියා ශ්‍රී ලංකාව තුළ දැනට සිටින හීලැ අලි ඇතුන්ගෙන් දිගම දළ යුගල හිමි හස්තිරාජයාද වනවා.
රැකබලා ගැනීමේදි දැක්වු නොසැලකිලිමත්භාවය හේතුවෙන් අවස්ථා ගණනාවකදි මුතු රාජා රෝගාබාධවලට ලක්වුණා.
බැංකොක් නුවර බලා මුතු රාජා රැගෙන යාමට රුසියාවේ ඉලූෂියන් වර්ගයේ භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානයක් ඊයේ රාත‍්‍රියේ කටුනායකට පැමිණි අතර, එය මුතුරාජා වෙනුවෙන් සකසන ලද විශේෂ ආරක්ෂිත කූඩුවකින් ද සමන්විතයි.