පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානය අතරතුර කාන්තාවකට අතවර කළ බවට චෝදනා එල්ල වී සිටින ධනිෂ්ක ගුණතිලක, නඩුව ජූරි සභාවකට පැවරීමෙන් වළක්වාලන ලෙස සිඩ්නි ඩව්නින් සෙන්ටර් දිස්ත‍්‍රික් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මෙම වසරේ මුල් භාගයේදී බලධාරින් විසින් චෝදනා තුනක් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව, මේ වනවිට ඔහුට එල්ල වී ඇත්තේ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාව පමණයි.
ධනිෂ්ක ගුණතිලක අද සිඩ්නි ඩව්නින් සෙන්ටර් දිස්ත‍්‍රික් අධිකරණයේ පෙනී සිටි අතර එහිදී ඔහුගේ නීතීඥවරයා ඉල්ලා සිටියේ විනිසුරුවරයෙකු ඉදිරියේ පමණක් නඩු විභාගය පැවැත්වීම සඳහා තීරණය ලැබෙනතුරු නඩු විභාගය ප‍්‍රමාද කරන ලෙසයි. ඒ අනුව, නඩුව ලබන 24 වනදා යලි කැඳවීමට නියමිතයි.