සිමෙන්ති මිල අඩු කිරීමට සාපේක්ෂව කම්බි, තීන්ත ඇතුලූ අනෙකුත් ඉදිකිරීම් ද්‍රව්‍ය වල මිල ද පහත හෙලීමට කටයුතු කරන ලෙස ඉදිකිරිම් සංගම් රජයෙන් ඉල්ලා සිටිනවා.
රුපියල් 2600 ක්ව පැවති සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල ඊයේ සිට රුපියල් 300 කින් අඩු කිරීමට දේශීය සිමෙන්ති නිෂ්පාදකයින් එකඟ වූ බවයි වෙළඳ අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු සදහන් කළේ.
කෙසේ වෙතත්, සිමෙන්ති මිල අඩු කළ අයුරින් අනෙකුත් ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ද පහත දැමීම සඳහා මැදිහත් වන ලෙස කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ඉදිකීරිම් සංගමයේ ලේකම් සුපුන් අබේසේකර සදහන් කළා.