
පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට රුපියල් කෝටි 10 ක වන්දියක් ගෙවන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇති කාල සීමාව ලබන බදාදා අවසන් වීමට නියමිතව තිබෙනවා.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප‍්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල මේ වසරේ ජනවාරි 12 වනදා නියෝග කළේ අදාළ වන්දි මුදල මාස 6 ක කාල සීමාවක් ඇතුළත ගෙවන ලෙසයි.
එහෙත් හිටපු ජනාධිපතිවරයා මෙතෙක් එම වන්දි මුදල ගෙවීමට පියවර ගෙන නැහැ.
බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ප‍්‍රහාරය වළක්වා නොගැනීමෙන් වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස වන්දි ගෙවන ලෙස ජනවාරි 12 වනදා නියෝග කළා.
ඒ, හිටපු ජනාධිපති ෙමෛත‍්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානී සිසිර මෙන්ඩිස් යන පුද්ගලයන්ටයි.