
නෙද නෙදර්ලන්තය සමඟ අද පැවැත්වෙන එක්දින තරගයේදී ලෝක වාර්තා දෙකක් සම කිරීමේ අවස්ථාව ශ‍්‍රී ලංකාවට හිමි වනවා.
ඒ, සුදුසුකම් ලැබීමේ තරගාවලියකදී අඛන්ඩව තරග 10 ක් ජයග‍්‍රහණය කිරීමේ වාර්තාව සහ පිට පිට වැඩිම වරක් ප‍්‍රතිවාදී කඩුලූ දහයම දවාගත් වාර්තාවයි.
ඇෆ්ගනිස්ථානය සමඟ පැවති අවසන් තරග දෙකද ඇතුළුව ශ‍්‍රී ලංකාව මේ වනවිට අ ඛන්ඩව එක්දින තරග 9 ක් ජයග‍්‍රහණය කර ඇති අතර, අද තරගය ජයගතහොත් එය අඛන්ඩ 10 වන තරග ජයග‍්‍රහණය වනවා.
මීට පෙර ශ‍්‍රී ලංකා කණ්ඩායම 2004, 2006 සහ 2014 වසරවලදී මෙලෙසින් තරග 10 බැගින් අඛණ්ඩව ජයගෙන තිබුණා.
එමෙන්ම, මීට පෙර 1979 වසරේදී බන්දුල වර්ණපුරගේ නායකත්වයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම එක්දින ලෝක කුසලානයේ සුුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනාගත්තා.
ඒ අනුව අද තරගය ජයගතහොත් ශ‍්‍රී ලංකාව එලෙස සුදුසුකම් ලැබීමේ තරගාවලියක ශූරතාව දිනාගන්නේ වසර 44 කට පසුවයි.
ශ‍්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්තය අතර හරාරේ හිදී මෙලෙස පැවැත්වෙන්නේ 2023 එක්දින ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගයයි.
කෙසේ වෙතත්, මේ වනවිට කණ්ඩායම් දෙකම ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා අවසන්.