
ඒත්තුකාල මුහුදේ දිය නෑමට ගිය තරුණයින් තුන්දෙනෙකු අතුරුදන්
මීගමුව – ඒත්තුකාල මුහුදේ දිය නෑමට ගිය තරුණයින් තුන්දෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ වයස අවුරුදු 23 ත් 20 ත් අතර වයස්වල පසුවූ තරුණයින් තුන්දෙනෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි.
කටුනායක ආයෝජන කලාපයෙහි සේවය කරන මෙම තරුණයින් තිදෙනා අද දහවල් මුහුදේ දියනෑමට ගිය අවස්ථාවේදීය මෙලෙස දියේ ගිලී ඇත්තේ. ඔවුන් කොස්ලන්ද, ඩයගම සහ චුන්නාක්කම් ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.