
රන්පොකුණගම සහ කිරිඳිවැල ඒකාබද්ධ ජල සම්පාදන ක‍්‍රමයේ පූගොඩ – තුළුමගෙහි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කිරිඳිවැල ඇතුලූ ප‍්‍රදේශ කිහිපයකට හෙට පෙරවරුවේ සිට පැය නවය හමාරක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව හෙට පෙරවරු අටේ සිට පස්වරු හය දක්වා පූගොඩ, කිරිඳිවැල, රන්පොකුණුගම නිවාස සංකීර්ණය, වතුපිටිවල, මාඉඹුල, මඩුවේගෙදර, ඌරපොල සහ අත්තනගල්ල යන ප‍්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.