/
/
title icon
රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු ලබන බ‍්‍රහස්පතින්දා
රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු ලබන බ‍්‍රහස්පතින්දා
News Editor
2 years ago
Share:
රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු ලබන බ‍්‍රහස්පතින්දා

වේදිකාව, ටෙලි නාට්‍ය මෙන්ම සිනමාව ද රංගන ප‍්‍රතිභාවයෙන් දික්විජය කළ ලාංකේය කලාකෙතේ අසහාය රංග පෞරුෂය ජැක්සන් ඇන්තනී කළාකරුවාණන්ගේ අවසන් කටයුතු ලබන බ‍්‍රහස්පතින්දා පස්වරුවේ රාගම ශුද්ධ වූ පේදුරු හා පාවුලූ දේවස්ථානයේදී සිදුකිරීමට නියමිතයි.
එමෙන්ම රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ දේහය හෙට උදෑසන 7.30 සිට රාත‍්‍රි 11 දක්වා මහජන ගෞරවය ස`දහා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කිරීමට කටයුතු කර තිබෙනවා. අනතුරුව අනිද්දා සහ 12 වනදා ඔහුගේ දේහය කඩවත පිහිටි නිවසේ තැන්පත් කර තැබෙනු ඇති.
රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අභාවය සැලවූ වහාම කලාකරුවන් සහ පේ‍්‍රක්ෂකයින් විශාල පිරිසක් සමාජ ඔස්සේ සිය ශෝකය පළකර තිබුණේ ඔහුගෙන් කළා ක්ෂේත‍්‍රයට සිදුවූ සේවයද අගයමින්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද ඔහුගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ ඉතාමත් සුහදශිලි මිතුරෙකු වූ ජැක්සන් ඇන්තනී නික්ම යාමෙන් සිංහල කලා ක්ෂේත‍්‍රයේ ඇතිවන හිඩැස පිරවීමට කිසිවෙකු නොමැති බව සිය විශ්වාසය බවයි.  
කලාලොව දිග්විජය කරමින් සුවිශේෂි නිර්මාණ ගොන්නක් ජාතියට දායාද කළ ජැක්සන් ඇන්තනී විශිෂ්ටයාණන්ට මොක්සුව ප‍්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස සිය ශෝක පණිවුඩයේ දක්වා තිබෙනවා.
අනුරාධපුර - තලාව මාර්ගයේ මොරගොඩ ප‍්‍රදේශයේදී ජැක්සන් ඇන්තනී ඇතුලූ තුන්දෙනෙකු ගමන් ගත් මෝටර් රථයේ වන අලියෙකු ගැටීමෙන් අනතුරට පත්වූයේ පසුගිය වසරේ ජූලි මස 2 වනදායි.
මාස 15 කට ආසන්න කාලයක් රංගන ශිල්පී  ජැක්සන් ඇන්තනී කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද මියයන විට 65 වන වියේ පසුවුණා. ඔහු මුහුණ දුන් අනතුරෙන් සුෂුම්නාව බිදියාම හේතුවෙන් මරණය සිදුව ඇති බවටයි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක අෂ්රෆ්  රූමි සදහන් කළේ. 
වේදිකාව ,ටෙලි නාට්‍ය, සිනමාව මෙන්ම ගායකයෙකු ලෙසද නමක් දිනාගත් ජැක්සන් ඇන්තනී නිවේදකයෙකු ලෙසද ජනතාව අතර ජනප‍්‍රියතාවයට පත් වුණා.
ජැක්සන් ඇන්තනී  නම් මෙම පරිපූර්ණ අසාහය රංගධාරයාගේ අභාවය කලා ක්ෂේත‍්‍රයට දැරිය නොහැකි පාඩුවක් බවටයි ක්ෂේත‍්‍රයේ බොහෝ පිරිස් පෙන්වා දෙන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required