
පමුණුගම - පරණ අම්බලම වෙරළ තීරයේ තිබී කඳින් වෙන්කළ හිසක් සොයාගෙන තිබෙනවා.
අද උදෑසන මෙම කඳින් වෙන්කළ හිස සොයාගෙන ඇත්තේ පමුණුගම පොලීසියට ලද තොරතුරකට අනුවයි.
මෙලෙස හමුවී ඇති හිස හඳුනාගැනීමට නොහැකි අයුරින් නරක් වී ඇති බව සඳහන්.
හිස සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර පමුණුගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.