
හමාස් සටන්කාමීන් ග්‍රහණයට ගෙන ඇති ඊශ්‍රායලයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු ගාසා තීරය වටලෑම අවසන් නොකරන බව ඊශ්‍රායලය පවසනවා.
ඊශ්‍රායල බලශක්ති අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් සමාජ මාධ්‍ය සටහනක් තබමින් කියා සිටියේ "පැහැරගත් අය" නිදහස් වන තුරු "විදුලි ස්විචයක් ක්‍රියාත්මක නොකරනු ඇත, ජල හයිඩ්‍රන්ට් එකක් විවෘත නොකරනු ඇති අතර ඉන්ධන ට්‍රක් රථයක් ඇතුළු නොවනු ඇත" යනුවෙන්.
පසුගිය සෙනසුරාදා හමාස් සටන්කාමීන් විසින් දියත් කළ ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායලය ගාසා තීරයට සැපයුම් නතර කිරීමට පියවර ගනු ලැබුවා.