/
/
title icon
ගාසා තීරයේ උතුරු කොටසින් දිනක් තුළ ඉවත් වන්න - සතුරා සිවිල් ජනතාව නොවේ - ඊශ්‍රායලයෙන් ප්‍රකාශයක්
ගාසා තීරයේ උතුරු කොටසින් දිනක් තුළ ඉවත් වන්න - සතුරා සිවිල් ජනතාව නොවේ - ඊශ්‍රායලයෙන් ප්‍රකාශයක්
Editor
1 year ago
Share:
ගාසා තීරයේ උතුරු කොටසින් දිනක් තුළ ඉවත් වන්න - සතුරා සිවිල් ජනතාව නොවේ - ඊශ්‍රායලයෙන් ප්‍රකාශයක්

සිවිල් ජනතාව සතුරා නොවන බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රකාශක ජොනතන් කොන්රික්ස් පවසනවා.
කලින් ඉවත් කිරීමේ නියෝගය ගාසා තීරයේ ඊශ්‍රායලයේ "මානුෂීය පියවරවල" කොටසක් බවයි ගාසා තීරයේ සිදුකරන බව මෙහෙයුම් පිළිබඳ අදහස් දක්වමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රකාශකයා කියා සිටියේ. 
කලින් ට්විටර් ලෙස හැඳින්වූ X හි ඔහු විසින් පළ කරන ලද නවතම වීඩියෝව මගින් ඔහු පවසන්නේ එහි සිටින සිවිල් වැසියන්ගේ ජීවිත ගලවා ගැනීම එහි අරමුණ බවයි.  
ගාසා තීරයේ උතුරු කොටසේ සිටින සියලුම වැසියන් ඉදිරි පැය 24 ක කාලය තුළ ගාසා තීරයේ දකුණු දෙසට යායුතු බවට ඊශ්‍රායලය විසින් මීට පෙර නිවේදනය කළා. 
ගාසා තීරයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන විට සිවිල් වැසියන්ට සිදුවන අනතුරු අවම කර ගැනීමට හමුදාවට අවශ්‍ය බවත්, ජාත්‍යන්තර සන්නද්ධ ගැටුම් පිළිබඳ නීතිවලට සම්පූර්ණයෙන්ම කැපවී සිටින බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රකාශක ජොනතන් කොන්රික්ස් පවසනවා. 
මිලියන 1.1 ක පමණ ජනතාවක්, එනම් ගාසා තීරයේ වෙසෙන සමස්ත ජනගහනයෙන් අඩක් ඊශ්‍රායලය නිකුත් කළ නිවේදනයත් සමඟ මේ වනවිට පීඩාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required