
පාසැල් ළමයින් අතර සීඝ්‍රයෙන් අක්ෂි රෝග පැතිරයාමේ අවදානම තවදුරටත් පවතින බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළා.
රෝගය වැළඳුණු දරුවන් පෙරපාසැල් සහ පාසැල් වෙත යොමු නොකිරීම තුළින් මෙම රෝගී තත්ත්වය පාලනය කර ගැනීමේ හැකියාව පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ.
එහි රෝග ලක්ෂණ ලෙස ඇස් රතුවීම, ඇස් බොඳවීම, කඳුළු ගැලීම, උණ හා හිසරදය දැකිය හැකි බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.