/
/
title icon
වැට් බද්ද ගැන සජිත්ට ප්‍රශ්නයක්
වැට් බද්ද ගැන සජිත්ට ප්‍රශ්නයක්
News Editor
1 year ago
Share:
වැට් බද්ද ගැන සජිත්ට ප්‍රශ්නයක්

වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කිරීම බදු සූත්‍රය විකෘති කිරීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.  

ඒ තුළින් රටේ ජනතාව මත අධික බදු බරක් පැටවෙන බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.  

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සමග කොළඹ දී පැවති සාකච්ඡාවකදී  සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ වැට් බද්ද වැඩි කිරීමට ගත් තීරණය මගින් රජයේ දුර්වලකම, ආකර්යක්ෂමතාව, දුර්වල රාජ්‍ය පාලනය පිළිබිඹු වන බවයි.

ජනතා වරමක් නොමැතිව මෙවැනි බදු බරක් ලක්ෂ 220ක් වූ ජනතාව මත පටවන්නේ කෙසේ දැයි තමන් රජයෙන් ප්‍රශ්න කරන බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.  

එමෙන්ම, වසරකට දෙවතාවක් පමණක් මිල වැඩ කළ හැකි බවට නිති තිබියදී මාස තුනෙන් තුනට විදුලි බිල සංශෝධනය කළ හැකි කැබිනට් තීන්දුවක් ගැනීමට රජය කටයුතු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා.  

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required