/
/
title icon
‍ලෝක කුසලානයේ ඉන්දු - ශ්‍රී ලංකා ගැටුම අද වන්කඩේ ක්‍රීඩාංගනයේදී
‍ලෝක කුසලානයේ ඉන්දු - ශ්‍රී ලංකා ගැටුම අද වන්කඩේ ක්‍රීඩාංගනයේදී
News Editor
1 year ago
Share:
‍ලෝක කුසලානයේ ඉන්දු - ශ්‍රී ලංකා ගැටුම අද වන්කඩේ ක්‍රීඩාංගනයේදී

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු දෙකටයි තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ.

මෙවර ලෝක කුසලානයේදී එකම අපරාජිත කණ්ඩායම වන්නේද ඉන්දියාවයි.  

ශ්‍රී ලංකාව දැනට තරගාවලියේ තරග 06 කට ක්‍රීඩා කර ඉන් ජයගෙන ඇත්තේ ‌තරග දෙකක් පමණයි.  

ධනංජය සිල්වා වෙනුවට අද තරගයට දුනිත් වෙල්ලාලගේ ක්‍රීඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.  

එසේම, අද තරගයේදී ඉන්දීය කණ්ඩායමේ වෙනසක් සිදු නොවනු ඇති බව විචාරකයින් පවසනවා.

ඒ, ඉන්දීය කණ්ඩායමේ හර්දික් පාන්ඩියා මෙතෙක් සුවය ලබා නොතිබීම හේතුවෙන්. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required