බදු ප්‍රතිපත්තිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුද සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ අද දිනයේදී සාකච්ඡාවක් පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ, ආණ්ඩුව මෙතෙක් ලබා දී ඇති කිසිදු පොරොන්දුවක් මෙතෙක් ඉටු කර නොමැති බවයි.
මේ අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ උපසභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා කියා සිටියේ, මෙවර අයවැයෙන් අධ්‍යාපන කේෂ්ත්‍රයේ පවතින ගැටලු සඳහා විසඳුම් ලබා දීමට රජය පියවර නොගත හොත් විරෝධතා ක්‍රියාමාර්ග තීව්‍ර කරන බවයි.